තිරිගු පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන්නේ ද යන්න පිළිබඳව තීරණය අද දිනයේ ප්රකාශයට පත් කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ සිය සංගමයේ නියෝජිතයින් රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
මේ අතර තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් කෙටි ආහාර වල මිල සුළු වශයෙන් ඉහල දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ද තීරණය කළා.
තිරිගු පිටි කිලෝ ග්රෑම් එකක මිල රුපියල් 13 කින් ඉහළ දැමීමටයි අදාළ සමාගම් තීරණය කළේ.
කෙසේවෙතත් පාරිභෝගික කටයුතු අධිකාරියේ පූර්ව දැනුම්දීමකින් හෝ එකඟතාවකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 13කින් ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසනවා.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති බවට පාරිභෝගික අධිකාරිය දැනුවත් වූයේද මාධ්ය වාර්තා මගින් බවයි.




