Published
තුර්කියේ පෙන්තෝල් සමූහයේ සහ ඇමෙරොන් එනර්ජීස්හි ව්‍යාපාරික දූත පිරිසක් සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙම හමුවේදී තුර්කි රාජ්‍යයේ විශාලතම සමාගමක් වන පෙන්තෝල් සමාගමේ නියෝජිතවරු ප්‍රකාශ කර ඇත්තේ, නව රජය බලයට පත්වීමෙන් පසු ඇතිවී තිබෙන ආයෝජන හිතකාමී පරිසරය සහ ඒවා සාර්ථක කරගැනීමේ කටයුතුවලදී කිසිම බාධාවලින් තොරව කරගැනීමට ඇති හැකියාව පිළිබඳව දැනගන්නට ලැබුණු බවයි.
තුර්කියේ ආයෝජකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටින බවත් ඒ සඳහා පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව දැනගැනීමට තුර්කි ව්‍යාපාරික දූත පිරිසේ මෙම සංචාරයේ අරමුණ බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.




