Published
දෙමටගොඩ, සිරිධම්ම මාවතේදී මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ පිස්තෝල අවි 4ක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




