Published
මෙරට සිදුවන සංවිධානාත්මක අපරාධ සහ ජාත්‍යන්තර සීමා ඉක්මවා යන ජාවාරම් මැඩපැවැත්වීම සඳහා රජය මගින් ඉදිරියේදී නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.
අද වන විට මත්ද්‍රව්‍ය උදුර මහජනතාවට දැවැන්ත ව්‍යසනයක් බවට පත්ව ඇති බවත්, මුහුදෙන්, ගුවනින් සහ වරායන් ඔස්සේ මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සඳහා නවීන තාක්ෂණය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු ආරක්ෂක අංශ යොදවා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
එවන් පසුබිමක් තුළ ධීවර කටයුතු මුවාවෙන් සිදුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් වහාම ඉවත් වන ලෙසයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.




