තමන්ට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දුන් බව හනීෆ් යූසුෆ් මහතා පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර ආණ්ඩුකාරවරයා පවසන්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පවතින වගකීම්, විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත ලෙස පැවරී ඇති කාර්යයන් සහ පවුලේ වගකීම් සමබරව පවත්වාගෙන යාමේදී ඇති වී තිබෙන දැඩි අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි.

කෙසේවෙතත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සදහා ජනාධිපතිවරයා විසින් සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත් කරන තෙක් තමන් එම ධුරයේ කටයුතු කරන බවයි හනීෆ් යුසුෆ් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.