බීමත්ව ලංගම බස් රථයක් ධාවනය කළ රියදුරෙකුගේ රියදුරු බලපත්රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට අලුත්කඩේ අංක 07 අධිකරණය නියෝග කර තිබෙනවා.
සැකකාර රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන සංඝරාජ මාවතේදීයි.
කොළඹ සිට කුරුණෑගල දක්වා මාර්ග අංක 05 ඔස්සේ ධාවනය වූ අදාළ ලංගම බස් රථය පරීක්ෂා කිරීම සදහා මරදාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් සංඥා කර තිබියදී එම අණ නොතකා රියදුරා බස් රථය ධාවනය කර තිබෙනවා.
ඒ අනුව වහා ක්රියාත්මක වී එය ලුහුබැඳ ගොස් නවත්වා පරීක්ෂා කළ බවයි පොලීසිය පැවසුවේ.
එහිදී බස් රථයේ රියැදුරු බීමත්ව සිටින බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව සිදුකළ පරීක්ෂණයෙන් ද ඔහු බීමත්ව සිටි බවට තහවුරු වී තිබෙනවා.
සැකකාර රියදුරා නාරම්මල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.
සැකකාර රියදුරාට අධිකරණයෙන් රුපියල් 35,000ක දඩයක් ද නියම කර තිබෙනවා.




