ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 01 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියම කළා.
සැකකාර නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරයේ සිටියේ නම් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළා.
සැකකාර ජානකී සිරිවර්ධන තවදුරටත් එදින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් මෙහිදී නියෝග කෙරුණා.
මේ අතර දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත්කර සිටි හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා
ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
පොස්පේට් අපනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් තුනකට බලපත්‍ර ලබාදීමට රුපියල් ලක්ෂ 81 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජක්ෂ මහතා සහ චාමර සම්පත් දසනායක මහතා අද දිනයේ අධිකරණයට රැගෙන විත් තිබුණා.




