රුපියල් ලක්ෂ අසූවක් වටිනා ” මරිජුවානා ” මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ කාන්තාවන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මරිජුවානා තොගය කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ව්‍යාපාරිකයන් සදහා වූ ” රක්ත මාවත” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරීමේදී එම කාන්තාවන් අත්අඩංගුවට ගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

සැකකාරියන් රැගෙන ආ ගමන් මලු කිහිපයක් තුළ තිබී මරිජුවානා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 803 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් කොළඹ - 02, කොළඹ - 13 සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරික කාන්තාවන් වනවා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ඔවුන් දිවයිනට පැමිණ තිබුණා.

සැකකාර ව්‍යාපාරික කාන්තාවන් තිදෙනා වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදුන් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.