Published
විදුලි ඒකක 180ට වැඩි ප්රමාණයක් භාවිත කරන පාරිභෝගිකයන්ගේ ගාස්තු සැලකිය යුතු මට්ටමින් ඉහළ දැමීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව දුර්වල සැලසුම් හේතුවෙන් අකාර්යක්ෂමතාවයේ බර ජනතා මත පැටවීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර නොගත යුතු බවයි එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ.
විදුලි ගාස්තු සංශෝධනය සදහා නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් ඉදිරිපත් කර ඇති විදුලි පිරිවැය ඇස්තමේන්තුව ඉවත දමන ලෙසද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ද කළා.
2026 වසරට අදාළ යෝජිත විශේෂ විදුලි ගාස්තු සංශෝධනය අද පස්වරුවේ ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.




