සංචාරක නවසීලන්ත A කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ අද පැවති විස්සයි විස්ස තරගය ලකුණු 56කින් ජයගැනීමට ශ්‍රී ලංකා A කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
මෙම තරඟය පැවැත්වුණේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් නියමිත පන්දු වාර 20දී කඩුලු පහක් දැවී ලකුණු 152ක් ලබා ගත්තා.
විශ්මී ගුණරත්න පන්දු 49දී ලකුණු 57යි.
විමෝක්ෂා බාලසූරිය ලකුණු 33 ක් ලබා ගත්තා.
පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත A ක්‍රිඩිකාවන්ට පන්දු වාර 19යි පන්දු පහකදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 96ක් පමණයි.
දෙව්මි විහංගා ලකුණු 19ට කඩුලු 3ක් දවා ගත්තා.
ශ්‍රී ලංකා A කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත A කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද මෙලෙස පැවැත්වුණේ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගයයි.
පළමු තරඟයද ශ්‍රී ලංකා A කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජය ගත්තා.




