Published
ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලියේ ඊයේ පැවති තරඟයකදී ඉන්දියාවට එරෙහිව ලකුණු 100ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
මෙම තරගාවලියේදී කණ්ඩායමක් තරඟයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි. තරගය පුරා ඉන්දීය ක්‍රිඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 34ක් පමණක් වූ අතර ඒ අනුව තරඟය ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් ජය ගත්තා.
ඒ සමග පළමු වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම ලබා ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා.
තරගාවලිය පැවැත්වෙන්නේ හොංකොං ජාතික ක්‍රීඩාංගණයේදී. මෙම තරඟය ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරඟය මාලදිවයිනට එරෙහිව පැවැත්වෙනවා.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ තිසලා අල්ගමගේයි.




