ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධාන කළ වැඩසටහනකදී, ලන්ඩනයේ ව්‍යාපාරික හා සමාජ සේවක සීවරත්නම් මුරේස්ගේ මූල්‍ය අනුග්‍රහයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක දෙමළ හා මුස්ලිම් මාධ්‍යවේදීන් 90කට ලැප්ටොප් සහ ජංගම දුරකථන ප්‍රදානය කර තිබෙනවා.
වැල්ලවත්තේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම වැඩසටහන පැවැත්වුණා.
ඒ අනුව මාධ්‍යවේදීන් 65 දෙනෙකුට ලැප්ටොප් පරිගණකද, තවත් මාධ්‍යවේදීන් 25 දෙනෙකුට ජංගම දුරකථනද ලබාදී ඇති අතර, මෙම උපකරණවල සමස්ත වටිනාකම රුපියල් කෝටි 1.5කට ආසන්න බව සංවිධායකයින් පවසන්නේ.
ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති එස්. ශ්‍රීගජන් සහ ලේකම් කේ. ජයන්තන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ලන්ඩනයේ ප්‍රකට ව්‍යාපාරික හා සමාජ සේවක සීවරත්නම් මුරේස් මහතා සහභාගි වුණා.
ඔහු සිදුකරන සමාජ සේවය අගය කරමින් විශේෂ උපහාරයක්ද මෙහිදි පිරිනමා තිබෙනවා.









