බංග්ලාදේශය සමග පැවති තරග තුනකින් යුත් එක් දින ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.
ඒ තරගාවලියේ තුන්වන සහ අවසන් තරඟය කඩුලු 7න් ජය ගනිමින්.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ තීරණාත්මක ඉනිම ක්‍රීඩා කළේ ආරම්භක ප්රතිකාරිනියක වන හසිනි පෙරේරායි.
ඇය පන්දු එකසිය තිස් එකකදී ලකුණු 95ක් ලබා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.
ඔවුන් නියමිත පන්දු වාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 213ක් ලබා ගත්තා.
සොබා නා මොස්ටරි පන්දු 80දී ලකුණු 74 යි.
කවීශා දිහාරි ලකුණු 48කට කඩුලු තුනක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 214ක ඉලක්කය සම්පූර්ණ කළේ පන්දු වාර 46යි පන්දු 3ක් පමණක් වැය කරමින්.
පළමු කඩුල්ල ලෙස චමරි අතපත්තු මුළු ලකුණු සංඛ්‍යාව 19ක්ව තිබියදී දැවී ගියා.
අනතුරුව හසිනි පෙරේරා සමග එක් වූ ඉමේෂා දුලානී දෙවන කඩුල්ල වෙනුවෙන් වටිනා ලකුණු 108ක සබඳතාවක් ගොඩනැගුවේ ජයග්‍රහණයට අත්තිවාරම දමමින්.
මුළු ලකුණු සංඛ්‍යාව 127ක්ව තිබියදී ඉමේෂා ලකුණු 56ට දැවී ගියා.
පසුව හර්ශිතා සමරවික්‍රම පිටියට පිවිසි අතර හසිනි පෙරේරා සමග එක්ව තුන්වන කඩුල්ල වෙනුවෙන් ඇය ගොඩනැගූ සබඳතාව ලකුණු 78ක්.
ලකුණු 95ක් ලබා සිටියදී හසිනි පෙරේරා දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 205ක්ව තිබියදී.
ඇගේ ඉනිමට හතරේ පහර දහතුනක් ඇතුළත් වුණා. හර්ෂිතා සමරවික්‍රම නොදැවීලකුණු 44යි.



