Published
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග දැන් පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 9 ක් දැවී ලකුණු 147 ක් ලබාගත්තා.
නායක කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක එක්ව ලකුණු 43 ක වේගවත් ආරම්භයක් ලබාදුන්නත් සෙසු පිතිකරුවන් බොහෝ දෙනෙකු අඩු ලකුණු ගණනකට දැවී යාම නිසා මුලදී අපේක්ෂා කළ තරම් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැහැ.
කමිදු මෙන්ඩිස් පන්දු 39කදී ලකුණු 51ක් ලබාගත්තා.
කුසල් මෙන්ඩිස් පන්දු 23කදී ලකුණු 36යි.
මීට අමතරව දසුන් ශානක ලකුණු 22ක් ලබාගත්තා.
තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 148 ක් ලබාගත යුතුයි. කිංස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වෙනවා.




