Published
සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 372ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 193 ක් රැස් කළා.
ඔවුන් පළමු ඉනිම සදහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 462 ක්.
ශ්‍රි ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ සියලු දෙනා දැවී ලකුණු 284 ක් පමණයි.
ඒ අනුව සංචාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 371ක් ඉදිරියෙන් පසු වනවා.
තරගයේ සිව් වන දිනය අදයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙම ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.




