අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න යන මහත්වරුන්ටත්, ගරු සිරිල් ගාමිණී පියතුමන්ටත් එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළා.

ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන්ද ගරු සිරිල් ගාමිනී පියතුමන් ද අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමිනුයි මෙම පෙත්සම් දෙක ගොනුකර තිබුණේ.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ඒවා ගොනුකර තිබුණා.

ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මීට පෙර ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළ බවටයි මෙම පෙත්සම්වලින් චෝදනා කර තිබුණේ.

ගරු සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලකින් අධිකරණයට අපහාසයක් කළ බවට එමගින් වැඩිදුරටත් චෝදනා කර තිබුණා.