සංචාරක නවසීලන්ත කාන්තා A ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා A ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා A ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 129 ක්.

කේට් ගැගින් පන්දු 27 කදී නොදැවී ලකුණු 35 ක් රැස් කළා.

පන්දු යැවීමේදී චමෝදි ප්‍රබෝධා, සත්‍යා සංදීපනී සහ සචිනි නිසංසලා කඩුළු දෙක බැගින් දවා ගත්තා.

ජයග්‍රාහි ලකුණු 130 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3ක් අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 131ක් රැස් කරමින් තරගය ජය ගත්තා.

එහිදී විශ්මි ගුණරත්න ලකුණු 27 ක් හා රෂ්මිකා සෙව්වන්දි ලකුණු 26 ක් රැස් කළා.

තරගය පැවැත්වුණේ රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

කණ්ඩායම් දෙක අතර දෙවන විස්සයි විස්ස තරගය අනිද්දා (23) පැවැත්වීමට නියමිතයි.