ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාව මහත් භක්තියෙන් හා ආමිස -ප්‍රතිපත්ති පූජාවෙන් සමරනු ලබන උදාරතර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ උපත, උතුම් බුද්ධත්වය සහ මහා පරිනිර්වාණය යන තෙමඟුල සිහිපත් කෙරෙන මෙම උදාර පින්බර දිනයේදී, සමස්ත ලෝකයාටම ශාන්තියේ පණිවිඩය රැගෙන ආ ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ජීවන චරිතය පිළිබඳව කෙරෙන කෙටි ආවර්ජනයක් පහතින්.