නැගී එන ජාතීන්ගේ ෂක්‍ක්‍ කුසලාන කාන්තා ටී ටුවෙන්ටි ක්‍රිකට් තරගාවලියේ සුපර් සික්ස් වටයේ සිම්බාවේ සමග පැවති තරගය කඩුලු 9කින් පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 68 කට සියලු දෙනා දැවී ගියා.

ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් තරගය ජය ගත්තේ පන්දුවාර 11යි පන්දු 3දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 69ක් ලබා ගනිමින්.

නැවතත් සාර්ථක පිතිහරඹයක යෙදුණු විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 39යි.