අදට යෙදී ඇති ලෝක සංචාරක දිනය සමරමින් ජාතික සංචාරක රියදුරන්ගේ සංගමය සීගිරිය කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබුණා.

ඒ අනුව සීගිරිය පව්ව අසලට පැමිණි විදේශිකයන් ඇතුළු පිරිස් පිළිගනු ලැබූයේ බුලත් හුරුලුදීයි.

ජාතික ධජය එසවීමටත් ජාතික ගීය ගායනයට සහ පොල්තෙල් පහන දැල්වීමටත් විදේශිකයන් සහභාගී කරවා ගැනුණා.

විදේශිකයන් ඇතුළු පැමිණි පිරිස් වලට කිරිබත්, කැවුම් සහ කොකිස් වැනි දේශීය කැවිලි වලින් සංග්‍රහ කෙරුණු බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිව්ස් නියෝජිත කාංචන කුමාර ආරියදාස පැවසුවේ.

පැමිණි අයට තැඹිලි වලින්ද සංග්‍රහ කෙරුණා.

දේශීය නර්තනාංග කිහිපයක්ද ඉදිරිපත් කෙරුණු අතර එම නර්තන කණ්ඩායම් සමග ඡායාරූප ගැනීමට ද විදේශිකයන්ට අවස්ථාව ලබා දී තිබුණු බවයි නෙත් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසුවේ.

පාපැදියෙන් ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කිරීමේ අවස්ථාවද මේ යටතේ විදේශිකයන්ට අද ලබා දී තිබුණා.