සිය පාරිභෝගික සේවා තවදුරටත් පුළුල් කරමින් සෙරන්ඩිබ් සමූහ ව්‍යාපාරය තිස්සමහාරාම ප්‍රදේශයේද නව ශාඛාවක් විවෘත කළා.
ඒ අනුව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වාම සියලු පාරිභෝගිකයන්ට දැන් සිය සේවා වඩා පහසුවෙන් ලබාගත හැකි බවයි සෙරන්ඩිබ් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරි හෂිනි රෙක්ස්ටර් මහත්මිය කියාසිටියේ.
තිස්සමහාරාමයේ විවෘත කෙරුණු නව ශාඛාවෙන් විශේෂයෙන් සැලෙසන පහසුකම් පිළිබදව ද ඇය නෙත් නිවුස් වෙත කරුණු දැක්වූවා.
''මෙම ශාඛාවේදී ඔබට ලබාගන්න පුළුවන් සේවාවන් අතර අපගේ දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, ඒ වගේම තමයි අපගේ වැනිලා නො වැනිලා නිෂ්පාදනය, ඒ වගේම තමයි 'බයිබැක් සිස්ටම්' (Buyback System) එකට ඔබගේ වගාවන් නැවත මිලදී ගැනීම අපි මේ ස්ථානයේදී සිදුකරනවා. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය නම් ආයෝජන අවස්ථා ගැන විමසීමත් මෙම ස්ථානයේදී ම සිදුකරන්න පුළුවන්. ඒ වගේම තමයි තිස්සමහාරාම ප්‍රදේශයේ මේ වන විට ලොකු ඉල්ලුමක් තියෙනවා සංචාරක හා සත්කාරක සේවාවට සියලුම එයාර් ටිකට් (Air tickets), වීසා (Visa), ටුවර් පැකේජස් (Tour packages) මේ සියලුම දේ සඳහා ඔබට අවශ්‍ය කරන අවශ්‍ය සේවාවල ලබාදීමට අපි සූදානම් වෙලා තියෙනවා. අපගේ දඹදිව වන්දනා සේවාව ලබාදීමට අපි ඉතාමත් සැදැහැ සිතින් සැදී පැහැදී සිටිනවා තිස්සමහාරාම ශාඛාවේදී."
නව ව්‍යවසාය සදහා ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාගැනීමටද මෙහිදී පහසුකම් සැපයෙන බව සෙරන්ඩිබ් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරි හෂිනි රෙක්ස්ටර් මහත්මිය මෙහිදි කියාසිටියා.
"අප සෙරන්ඩිබ් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ඩිවෙලපර්ස් (Serendib Investment & Developers) ආයතනයේ ක්ෂුද්‍ර ණය ක්‍රමය යටතේ ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාර සිදුකරන ඔබ සඳහා ණය පහසුකම් ලබාදීම,ඒ වගේම අපගේ සෙරන්ඩිබ් ග්‍රීන් බිල්ඩර්ස් (Serendib Green Builders) ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයේ කන්ස්ට්‍රක්ෂන් (Construction) ඉදිකිරීම් කටයුතු සඳහා ඔබට අප සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි, මෙහිදී විශේෂ වෙන්නේ අපි තිස්සමහාරාම ප්‍රදේශයට හඳුන්වලා දෙනවා පීහිනුම් තටාක ඉදිකිරීම් කටයුතු සඳහා විශේෂ වූ වට්ටම් ක්‍රමයක් සහ වගකීම් සහිත සේවා ක්‍රමයක්. ඒ වගේම තමයි, ඔබට අවශ්‍ය කරන ඕනෑම වාහන අමතර කොටස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන ඇස්තමේන්තු විමසීම මෙහිදී ඔබට සිදුකරගන්න පුළුවන්."
සෙරන්ඩිබ් සමුහ ව්‍යාපාරය දැන් වසර 10කට අධික කාලයක් තිස්සේ ව්‍යාපාරවල නිරතව සිටිනවා.




