එංගලන්තය සමග අද ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 271ක් රැස්කිරීමට සමත් වුණා.

දක්‍ෂ පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 117කින් නොදැවී ලකුණු 93ක් රැස් කළා.

ජනිත් ලියනගේලකුණු 46ක් රැස්කර ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී වේගවත් පිතිහරඹයක නිරත වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 13කින් නොදැවී ලකුණු 25ක් රැස්කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ආදිලි රශීඩ් ලකුණු 44කට කඩුලු 3ක් දවාගත්තා.