ඉන්දියාව සිය ගුවන් සීමාව පකිස්ථාන ගුවන් සේවා සහ ගුවන් යානා සඳහා වසා දැමීම දීර්ඝ කර තිබේ.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අප්‍රේල් 30 වන දින ඉන්දියාව පාකිස්තාන ගුවන් යානා සහ ගුවන් සේවා සඳහා සිය ගුවන් සීමාව වසා දැමීය.

එය ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතව තිබිණි.

එහෙත් ගුවන් සීමාව වසා දැමීම තවදුරටත් දීර්ඝ කරන බව ඉන්දීයාව පවසා තිබේ.

ඒ ලබන ජූලි මස 24 වන්දා දක්වායි.

ඒ අනුව පකිස්තාන ගුවන් යානා සඳහා ඉන්දීය ගුවන් සීමාවට ඇතුළුවීම තවදුරටත් තහනම් වනු ඇත.