Published
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කර ඇති තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතාවක් සහ උද්ඝෝෂණයක් අද පැවැත්වුණා. .
ඒ කටුනායක නිදහස් වෙළෙඳ කළාප ප්‍රධාන පිවිසුම ඉදිරිපිටදීයි.
නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවක සංගමයේ කටුනායක ස්ටාර් ගාමන්ට් ශාඛාවේ සේවක සේවිකාවන් ඊට එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති තීරු බදු හේතුවෙන් සිය ඇගලුම් කර්මාන්තශාලාවේ සේවකයින් වෙත වසර ගනනාවක සිට ලබා දෙන දීමනා සහ වරප්‍රසාද කපා හැර ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා රජයෙන් තමන් අවස්ථාවක් ඉල්ලා සිටිය ද රජය වෘත්තීය සමිති සාකච්ඡා සදහා නොකැදවා හාම්පුතුන් සමග පමණක් සාකච්ඡා කරමින් සිටින බවට ද ඔවුන් චෝදනා කළා.