ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විපක්ෂය ගෙනයන විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත අද භාරදුන්නා. ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින්. මේ, එම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳ ප්‍රශ්න කළා. කෙසේවෙතත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන කාල සීමාවේදී අරුණ ජයසේකර මහතා නැගෙනහිර පළාතේ යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ බවත් ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන සිදුවන බැවින් ඔහු එම අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා.