සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන “කෙසෙල්වත්තේ දනූෂ” නැමැත්තා දිවයිනට රැගෙන විත් තිබෙනවයා.

රතු නිවේදන නිකුත් කර තිබූ එම සැකකරු ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන එනු ලැබුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ එම අමාත්‍යංශ ලේකම්වරයාගේ සම්බන්ධීකරණය හරහා පොලිස්පතිවරයා විසින් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ඉන්දීය ආරක්ෂක අංශ සමග කරනු ලැබූ සෘජු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.

සැකකරු කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දීම, අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීම, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය චෝදනා රැසක් පවතින බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.