​ශ්‍රී ලංකාවේ Visa කාඩ්පත් පරිශීලකයින් සඳහා වඩාත් වේගවත් සහ සුරක්ෂිත ඩිජිටල් ගෙවීම් අත්දැකීමක් ලබා දෙමින් Visa සමාගම ‘Click to Pay’ සේවාව අද සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනවා.

​මෙමඟින් පාරිභෝගිකයාට ලැබෙන සුවිශේෂී වාසි පහතින්

අන්තර්ජාල ගනුදෙනුවලදී ​නැවත නැවත කාඩ්පත් විස්තර ඇතුළත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ - එක් වරක් පමණක් සිදුකරන සරල සැකසුමකින් (one-time setup) පසු, සෑම අවස්ථාවකදීම කාඩ්පත් අංක හෝ පෝරම පිරවීමකින් තොරව ක්ලික් කිරීම් කිහිපයකින් ගෙවීම් කළ හැක.

​වේගවත් සහ බාධාවකින් තොර ගනුදෙනු - තමන්ගේ විද්‍යුත් තැපෑල (Email) හෝ ජංගම දුරකථන අංකය පමණක් භාවිත කරමින් ඉතා වේගයෙන් භාණ්ඩ මිලදී ගැනීමේ (checkout) හැකියාව.

​උපරිම ආරක්ෂාව (Tokenised තාක්ෂණය) - ගෙවීම් කිරීමේදී කාඩ්පතේ සංවේදී තොරතුරු වෙනුවට ආරක්ෂිත digital tokens ආදේශ වන බැවින්, සැබෑ කාඩ්පත් අංකය රහසිගතව පවතී.

මූල්‍ය වංචා සිදුවීමේ අවදානම සම්පූර්ණයෙන්ම වැළකේ.