ආරක්ෂක වියදම් සියයට පහක් දක්වා වැඩි කිරීමට නේටෝ රටවල නායකයින් එකඟතාවකට පැමිණීම විශාල ජයග්‍රහණයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ බලකිරීම මධ්‍යයේ 2035 වසර වන විට ආරක්ෂක වියදම් සිය රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහක් දක්වා වැඩි කිරීම නේටෝ නායකයින් එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
නෙදර්ලන්තයේ හේග් නුවර පැවති නෝටෝ සමුළුවේදී ගත් එම තීරණය යුරෝපය සහ බටහිර රටවල් අත් කර ගත් විශාල ජයග්‍රහණයක් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
එහිදී ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් නේටෝ සාමාජිකයන් ප්‍රකාශ කළේ රුසියාව විසින් එල්ල කරන ලද දිගු කාලීන තර්ජනය සහ ත්‍රස්තවාදය හුදෙකලා කරමින් ගැඹුරු ආරක්ෂක අභියෝගවලට එරෙහිව නේටෝව එක්සත් වී ඇති බවයි.
එක් නේටෝ සාමාජිකයෙකුට පහරදීමකට සම්පූර්ණ සන්ධානයෙන් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි යන මූලධර්මය නේටෝ නායකයින් එහිදී නැවත තහවුරු කර තිබෙනවා.
කෙසේවෙතත් රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දැකීමක් එම ප්‍රකාශයේ ඇතුළත් වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
හේග් නුවර පැවති එම සමුළුවේදී එකඟ වී ඇති ආකාරයට සෑම නේටෝ සාමාජික රටක්ම මූලික ආරක්ෂක වියදම් සඳහා සිය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන්අවම වශයෙන් සියයට 3යි දශම 5ක් සහ ආරක්ෂක යටිතල පහසුකම් සඳහා සියයට 1යි දශම 5ක් වැය කළ යුතු වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
මේ අතර අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහනට සැලකිය යුතු හානියක් සිදුව නොමැති බවට වාර්තාවක් පළ කර සී එන් එන් මාධ්‍යවේදිනී නටාෂා බර්ට්‍රන් සී එන් එන් ආයතනයෙන් නෙරපා හැරිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොන්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
සිය ටෘත් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රකාශයක් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම මාධ්‍යවේදිනිය අවස්ථා තුනකදී ව්‍යාජ පුවත් ඉදිරිපත් කළ බවයි.
එබැවින් ඇයට තරවටු කර සුනඛයෙකු මෙන් සී එන් එන් ආයතනයෙන් එළියට ඇද දැමිය යුතු බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.