හෙළයේ ගීත කෝකිලාවිය, කලාසූරී ලතා වල්පොල මහත්මිය අද දැයෙන් සමුගෙන යනවා.
එතුමියගේ දේහය අද උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන එනු ලැබුවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි.
පසුව, දේහය බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පස්වරු 02 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.
පස්වරු 02ට ආගමික වතාවත් සිදු කෙරෙනු ඇති.
දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ගායන ශීල්පී කීර්ති පැස්කුවෙල් මහතා නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.
පසුගිය 27 වනදා ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වන විට 91 වන වියේ පසුවුණා.
ඇය ඒ වන විට ගායනා කර තිබූ ගීත සංඛ්‍යාව 6,000කට ආසන්නයි.
ලතා වල්පොල මහත්මියගේ හඬින් හැඩවුණු චිත්‍රපට සංඛ්‍යාව 600කට අධිකයි.


