Published
කොළඹ මහනගර සභාවේ බලය තහවුරු කර ගැනීම සඳහා විපක්ෂයේ සියලු කණ්ඩායම්වල සහාය ලැබී ඇතැයි සමගි ජන බලවේගය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ ස්වාධීන කණ්ඩායම් කිහිපයක සහාය ද තම අපේක්ෂකයාට ලැබෙනු ඇති බවයි.
කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ කොළඹ මහනගර සභාවේ බලය තම කණ්ඩායමට අනිවාර්යයෙන්ම තහවුරු කරගත හැකි බවයි.