2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසුකිරීමට සමත්වී තිබෙනවා.
ඒ එක්දින ලකුණු 4000 සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසට පත් වෙමින්
එමෙන්ම චමරි වාර්තා අතරට එක් වුණේ එම කඩයිම පසු කළ සිව්වන ආසියානු පිතිකාරිනිය බවට පත්වෙමින් බවයි වාර්තා වන්නේ .
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා .
තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 202ක් රැස් කළා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හසිනි පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක්.
පන්දු 99කට මුහුණ දුන් ඇයගේ ඉනිම එක් 06 පහරකින් සහ හතරේ පහර 13කින් වර්ණවත් වුණා.
නායිකා චමරි අතපත්තු පන්දු 43කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 46ක්. නිලක්‍ෂිකා සිල්වා දැවී ගියේ ලකුණු 37ක් රැස් කර සිටියදීයි.
උදේශිකා ප්‍රබෝධනී ලකුණු 08ක් සහ මල්කි මදාරා ලකුණු 09ක් රැස් කළා.
විෂ්මි ගුණරත්න කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර හර්ෂිතා සමරවික්‍රමට සහ කවීෂා දිල්හාරිට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 04ක් පමණයි.
සුගන්දිකා කුමාරි එක් ලකුණකට දැවී ගියා.
ඉන්දියාවේදී පැවැත්වෙන මෙම තරඟයේ ලකුණු 203ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම තවත් බොහෝ වේලාවකින් පිටියට පිවිසීමට නියමිතයි.