සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
එම තරගාවලියට තරග තුනක් අයත් වන අතර දිවා රාත්‍රී තරග ලෙස සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.
ඒ අනුව දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 2.30 ට ආරම්භවීමට නියමිතයි.
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කෙරුණා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
දීර්ඝ කාලයකට පසු ධනංජය ද සිල්වා එම සංචිතයට ඇතුළත් කර සිටීම විශේෂත්වයක්.
දෙරට අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක්ද පැවැත්වීමට නියමිත අතර ඊට තරඟ 03ක් අයත්.
ජනවාරි 30, පෙබරවාරි පළමුවනදා සහ පෙබරවාරි 03 වනදා එම තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.




