Published
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අවාසනාවන්ත ලෙස පරාජය වීමට කණ්ඩායමේ සියලුදෙනා වගකිව යුතු බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.
ඒ, තරඟයෙ අවසානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ගැටලුව විසඳා ගැනීමට සිදු කළ අත්හදා බැලීම් සාර්ථක නොවූ බවයි.
කාසිය වාසිය දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ගත් තීරණ තරගාවලියේ පරාජයට හේතු වූයේ දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණා.
ශ්‍රී ලංකාව පරාජය වූ දඹුල්ලේ පැවති තරගයේ මෙන්ම කොළඹ ඊයේ පැවති තරගයේද කාසිය වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
එහෙත් දඹුල්ලේ තරගයේදී දෙවනුවට පන්දුවට පහරදීමට සහ ඊයේ තරගයේදී පළමුව පන්දුවට පහරදීම සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයින් පවා ප්‍රශ්න කර තිබුණා.