සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්ස දෙවන තරගය නැරඹීමට මිලදී ගත් ප්‍රවේශ පත්වලින් දෙරට අතර හෙට පැවැත්වෙන තුන්වන තරග නැරඹීමට අවස්ථාව සලසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්ස දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුනා.

සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්ස තුන්වන තරගය හෙට රාත්‍රී 07.00ට එම ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.