Published
ඊශ්‍රායලය සමග පවතින ගැටුමට අමෙරිකානු හමුදා මැදිහත් වුවහොත් අමෙරිකාවට ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවනු ඇති බවට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පවසා තිබෙනවා.
ඒ, ඉරාන රාජ්‍ය රූපවාහිනී නාළිකාව හරහා ප්‍රකාශයක් සිදු කරමින්.
ඉරානය න්‍යෂ්ටික වැඩසටහන්වලින් ඉවත් වී, කොන්දේසි විරහිතව යටත්විය යුතු බවට අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශයක් සිදු කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන උත්තරීතර නායකයා ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය එහි ජනතාව සහ ඉරාන ඉතිහාසය දන්නා බුද්ධිමත් පුද්ගලයින් කිසිවිටකත් සිය ජාතියට තර්ජනය නොකරන බවයි.
ඉරාන ජාතිකයින් යටත් නොවන පුද්ගලයින් බවයි ඉරාන උත්තරීතර නායකයා වැඩිදුරටත් පවසා ඇත්තේ.