ඊශ්‍රායලය සහ ඉරානය දෙපාර්ශවයට එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් දෙරටේ නායකයන්ගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ යුද ගැටුම් නැවැත්වීමට කාලය පැමිණ ඇති බවයි.
සාමය හා රාජ්‍යතාන්ත්‍රිකභාවය ජය ගත යුතු බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය චීනය විසින් හෙළා දැක තිබෙනවා.
චීනයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ෆූ කොන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් ඉරානයේ ස්වෛරීභාවය ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම හෙළා දකින බවයි.
මේ අතර කැනඩාව ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට පක්ෂපාතීව අදහස් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඊශ්රායලයටසිය රට ආරක්ෂා කර ගැනීමට සහ ආරක්ෂාව සහතික කර ගැනීමට අයිතියක් ඇති බව කැනඩාව ප්‍රකාශ කර තිබෙනවා.