කැනඩාවේ පැවැත්වෙන ජී7 සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කැනඩාවට පැමිණ තිබේ.

ඒ සමුළුව සඳහා සහභාගී වන ලෙස කැනඩා රජයෙන් ලද විශේෂ ආරාධනයක් අනුවයි.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද අලුයම කැනඩාවට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැතකදී උත්සන්න වූ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුධය හමුවේ අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඉන්දීය සංචාරය සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගතවූ දශකයකට ආසන්න කාලය තුළ කැනඩාවට පමිණි පළමු අවස්ථාව මෙය වේ.

“G7 සමුළුවට සහභාගී වීමට කැනඩාවේ කැල්ගරි වෙත ගොඩ බැස්සේය. සමුළුවේදී විවිධ නායකයින් හමුවී වැදගත් ගෝලීය ගැටළු පිළිබඳව මගේ අදහස් බෙදාහදා ගනීවි. ගෝලීය දකුණේ ප්‍රමුඛතා ද අවධාරණය කරනු ඇත”යනුවෙන් මෝදි සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබා තිබේ.

කැනඩාවේ සභාපතිත්වයෙන් යුතුව මෙවර ජී7 සමුළුව ජූනි 16-17 දෙදින තුළ පැවැත්වේ.