ලැබෙන අවස්ථාවේදී රට වෙනුවෙන් උපරිමය ඉටුකර ජයග්‍රහණ අත්කරදීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් පවසනවා.
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහි ඊයේ පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.
එම තරගයේදී අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 20ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ වීරයා සම්මානය හිමි වුණේ කමිදු මෙන්ඩිස්ටයි.
තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට කමිදු මෙන්ඩිස් මෙලෙස පිළිතුරු ලබාදුන්නා.
පසුගිය එංගලන්ත තරගාවලියේ ලැබූ පරාජයන් අමතක කර මෙවර ලෝක කුසලාන තරගාවලියේ සාර්ථක ලෙස ඉදිරියට යාම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වන බවද කමිදු මෙන්ඩිස් මෙහිදී කියාසිටියා.
ඊයේ තරගයේ ශ්‍රි ලංකා පිතිකරණ අනුපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට කමිදු මෙන්ඩිස් මෙහිදී පිළිතුරු ලබාදුන්නා.
ඊයේ පැවති ශ්‍රී ලංකා - අයර්ලන්ත තරගයේ කාසියේ වාසියේ හිමිකර ගත් අයර්ලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 6ක් දැවි ලකුණු 163 ක් රැස් කළා.
කුසල් මෙන්ඩිස් පන්දු 43කදී නොදැවී ලකුණු 56 යි.
කමිදු මෙන්ඩිස් පන්දු 19කදී වේගවත් ලකුණු 44 ක් රැස් කළා.
ඒ, හයේ පහර දෙකක් සහ හතරේ පහර 4 ක් සමගින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 5කදි සියළු දෙනා දැවි ලබාගත හැකි වුයේ ලකුණු 143ක් පමණයි.
මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් කොල්කටාහි ඊඩ්න් ගාඩින් ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා.
ඒ, ස්කොට්ලන්තය සහ ඉතාලිය අතරයි.



