පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබාදීමට අවශ්‍ය නම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඊට අවස්ථාව පවතින බව ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පවසනවා.

නෙත් නිව්ස් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කලේ ජනාධිපතිවරයාට ඒ සඳහා නීතියෙන් කිසිඳු බාධාවක් නොමැති බවයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී තිබු ජනාධිපති සමාව අහෝසි කිරීමට අධිකරණ තින්දුවක් ලබාදීමත් සමඟ උන්වහන්සේගේ සිරඳඩුවම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා මෙහිදී පැහැදිලි කළා.

"මේක අවසන් කරාට පස්සේ ඊළඟට ඒ පිළිබඳව බන්ධනාගාර අධිකාරී වරයාට දැනුම් දුන්නහම ඒ පිළිබඳව අධිකරණය හරහා ඔහුට දැනුම්දීමක් නිකුත් කරනවා නැවත අධිකරණයේ පෙනී සිටින්න කියලා. ඒ පෙනී සිටියාට පස්සේ ඒ දඬුවම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අත්අඩංගුවට අරගෙන බන්ධනාගාර ගත කරන්න ක්ෂණයකින්ම හැකියාව තියෙනවා. දැනටත් වර්තමානයේ අර ඉස්සර දීපු නඩු තීන්දුවේත් ඒ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන කටයුතු කරන්න කියලා වහාම දැනුම් දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ම. ඒ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි නිසා ඒ පිළිබඳව කටයුතු කරන්න හැකියාවක් ලැබිලා නැහැ තියෙනවා දැනට. නමුත් මෙතනදීත් වෙන්නේ මේක මේ නියෝගයෙන් අවලංගු වුණාට පස්සේ දැන් නැවතත් බන්ධනාගාර ගත වීමක් සිදු වෙන්න ඕනේ. යම්කිසි කාලසීමාවක් උන්වහන්සේ ගත කරා නම් බන්ධනාගාරයේ, ඒ බන්ධනාගාරයේ ගත කිරීම ඒක සලකා බලනවා දඬුවමක් හැටියට. දැන් ඒක දඬුවම දුන්නු දිනයේ සිට තමයි ක්‍රියාත්මක වීම වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ නීතිය හැටියට එහෙමයි තියෙන්නේ. මහේස්ත්‍රාත්තුමා විසින් දෙන ලද නියෝග පටහැනිව ක්‍රියා කිරීම තමයි, ඒකට එරෙහිව තමයි අභියාචනාධිකරණය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වරදකරු කළේ. එතකොට ඒ වරදකරු කිරීම හේතු කොටගෙන ඒ දිනයේ අභියාචනාධිකරණය යම්කිසි දඬුවමක් නියම කරපු දිනයේ සිට මේ දඬුවම් ක්‍රියාත්මක වීම බලපවත්වනවා. ඒ අතරතුරදී නැවත වරක් මේ වර්තමාන ජනාධිපතිතුමා තීරණය කළොත් අර කරන ක්‍රමවේද අනුගමනය කරලා ඒ සම්බන්ධයෙන් සලකා බැලීමකින් පසුව, මම නැවතත් ඒ උන්වහන්සේට ඒ සමාව දීමට කටයුතු කරනවා කියලා ඒක ගැන කිසිදු ප්‍රශ්නයක් නැති බවත් ඒ තීන්දුවේ කියවෙනවා."