පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත් අපේම ජනතාවට සවියක් වීම සඳහා මේ වන විට “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මකයි.

ඒ අනුව එම ජනතාව වෙනුවෙන් වියළි ආහාර, වතුර බෝතල් සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ඔබටත් පරිත්‍යාග කළ හැකියි.

ඒ සඳහා එම ආධාර භාර දීම කොල්ලුපිටිය පස්වන පටුමඟේ නෙත් එෆ් එම් ප්‍රධාන කාර්යාලය, බම්බලපිටිය දුම්රියපොළ පාර ඕෂන් වීව් ගොඩනැගිල්ල, අනුරාධපුර රුවන්වැලි සෑ මහා විහාරයේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, හිරිඹුර රත්න ෆර්නිචර්ස් ආයතනය, මාතර පල්ලිමුල්ල පරණ පාරේ මනම්පේරී බාත්වෙයාර්, ගාල්ල උඩලමත්ත ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරස්ථානය, ඌරාපොළ, මීවිටිගම්මන ශ්‍රී නාලිකේරාරාම ධර්මායතන පිරිවෙන, බලංගොඩ තුඹගොඩ මහ පන්සල සහ අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභාව යන ස්ථානවලදී සිදු කළ හැකි වනවා.

එමෙන්ම සදාහරිත ප්ලාන්ටේෂන් ලිමිටඩ්හි ශාඛාවන් වන කළුතර, වත්තල, හොරණ, පානදුර, බොරලැස්ගමුව, ගාල්ල, මාතර සහ ඇඹිලිපිටිය යන ස්ථානවලදීද නෙත් එෆ් එම් “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහනට දායක වීමට ඔබට හැකියාව පවතිනවා.

මේ අතර දිරිය නෙත් සමාජ සත්කාරය වෙනුවෙන් ආධාර භාර ගැනීමේ විශේෂ නෙත් ජංගම රථ කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පැමිණීමට නියමිතයි.

පෙරවරු 09 සිට 10යි 30 දක්වා හොරණ නගරයේත් පෙරවරු 11 සිට 12යි 30 දක්වා හෝමාගම නගරයේත් පස්වරු 01යි 30 සිට සවස 03 දක්වා කොට්ටාව නගරයේත් සනස 04 සිට නුගේගොඩ නගරය තුළත් අපගේ මෙම ජංගම රථ සඳහා ආධාර ගෙනවිත් භාර දීමට හැකි වනවා.

නෙත් එෆ් එම් “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් තවත් තොරතුරු 077 348 77 56 යන අංකය ඇමතීමෙන් ලබාගත හැකි වනවා.

හැමෝම වෙනුවෙන් අපිත් එකට ඉමු - අපි නෙත් එෆ් එම්.