සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 485කට සීමා වුණා.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 495ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ පළමු ඉනිමට වඩා පිටුපසින් සිටින්නේ ලකුණු 10ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 187ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් සහ දිනේශ් චන්දිමාල් ලකුණු 54ක් රැස් කළා.

පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායමේ නයීම් හසන් ලකුණු 121කට කඩුලු 05ක් දවා ගත්තා.

මේ වන විට බංගලාදේශ කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිස සිටිනවා.