චීනය විසින් එරටට ඇතුළු වීම සහ පිටවීම දැඩි ලෙස සීමා කරන පුළුල් නව නීති මාලාවක් පනවා ඇති අතර, මෙම පියවර මඟින් රජයට තම පුරවැසියන් මත තවත් වැඩි පාලනයක් හිමි වනු ඇති බව විචාරකයෝ පවසති.

විදෙස්ගතව සිටියදී චීනයේ ජාතික ආරක්ෂාවට හෝ අවශ්‍යතාවලට හානි කළ බවට සැකකෙරෙන පුරවැසියන්ට වසර තුනක් දක්වා කාලයක් චීනයෙන් පිටවීම තහනම් කළ හැකිය. එහෙත්, එරට කාර්මික හෝ තාක්ෂණික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකනු ලබන ඕනෑම අයෙකුට ද මෙම නීතිය අදාළ වන බව එම පනතේ සඳහන් වේ.

තාක්ෂණික ආධිපත්‍යය සඳහා බීජිං සහ වොෂින්ටන් අතර තරඟය උණුසුම් වීමත් සමඟ, චීනය අර්ධ සන්නායක සහ කෘත්‍රිම බුද්ධිය වැනි අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. වාර්තා වන ආකාරයට, මෙම කර්මාන්තවල ඇතැම් විධායක නිලධාරීන්ට මීට පෙර ද සංචාරක සීමා පනවා තිබිණි.

Meta සමාගම විසින් මිලදී ගන්නා ලද Manus නම් කෘත්‍රිම බුද්ධි සමාගමේ සම-නිර්මාතෘවරුන්ට මාර්තු මාසයේදී චීනයෙන් පිටවීම තහනම් කර ඇති බව වාර්තා විය.

නව නීති යටතේ 'අධික අවදානම් සහිත' ලෙස සලකනු ලබන රටවලට සහ ප්‍රදේශවලට සංචාරය කිරීමෙන් වළකින ලෙස චීන පුරවැසියන්ට උපදෙස් දීමට ද දේශසීමා නිලධාරීන්ට දැන් නියෝග කර ඇත.

එහෙත් මෙම නීති ප්‍රකාශයට පත් කිරීමටත් පෙර සිටම, ඇතැම් පුද්ගලයින්ට නිශ්චිත රටවලට යාම දැනටමත් සීමා කර තිබිණි. රජයේ සේවකයින් මෙම