රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංක මැතිතුමන් ගෙවැද්දවීමේ චාරිත්‍ර මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවේ සමාරම්භක අවස්ථාවට පෙර ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන් වැද ආශිර්වාද ලබා ගෙන තිබෙනවා .
පසුව මහසෙන් දෙවිදුන් හා අෂ්ඨඵල බෝධි රුහ වැද ආශිර්වාද ලබාගත් බවයි කිරිවෙහෙර මාධ්‍ය ඒකකය සඳහන් කර සිටියේ
ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන්ගේ විදුලි ආලෝක පූජාව ද රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංක මැතිතුමන්ගේ සුරතින් සිදු කෙරුණි..
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ චාරිත්ර දුටු ගැමුණු රජ දවස පටන් අඛණ්ඩව සිදු කෙරෙන අතර එම චාරිත්ර අතර බස්නායක නිළමේතුමන් වෙනුවෙන්ම වෙන් වූ විශේෂ චාරිත්ර පවති.
අවුරුදු 05 කට වතාවක් එළඹෙන එම චාරිත්රය අනුව නව බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිළිණ මධුසංඛ මැතිතුමා රුහුණු මහා කතරගම දේවාලයේ ඇතුල් මාළිගාව වෙත ගෙවදීමේ එම චාරිත්රානුකූල අවස්ථාව අද උදෑසන සුභ මොහොතින් සිදු කෙරුනි.




