ඊශ්‍රායලය, ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

ඉරානයේ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ හමුදා මූලස්ථාන ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

“ඔපරේෂන් රයිසින් ලයන්” මෙහෙයුමේ කොටසක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ.

එම ප්‍රහාරයෙන් පසු ඉරානය ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂාවෙන් ඊශ්‍රායල රජය එරට තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.