නල්ලතන්නිය හැමිල්ටන් වත්ත කදු මුදුනේ සිට නල්ලතන්නි නගරයට පසුගිය දා සිදු වූ නායයෑමත් සමග ශ්‍රීපාද වන්දනාවේ වන්දනාකරුවන් පැමිණෙන වාහන එම නායගිය ස්ථානයේ පෞද්ගලික රථ ගාලට ඇතුලු නොකිරිමට නල්ලතන්නි පොලිසිය පියවර ගෙන තිබෙනවා.

නල්ලතන්නි පොලිසියට ඉහළින් අඩි 1000ක් පමණ ඉහළින් වූ හැමිල්ටන් වත්තේ සිට එම නායයෑම පස් සහ ගස් සමග නල්ලතන්නි නගරයට කඩා වැටී ඇති අතර, තවත් එම ස්ථානයේ නායයෑමේ අවධානමක් පවතින නිසා එම පියවර ගත් බවයි නල්ලතන්නි පොලිසියේ නිළධාරියෙකු සඳහන් කර සිටියේ.