Published
2025 වසර මෙරට ආර්ථිකය, සමාජීය සහ දේශපාලන වශයෙන් මෙන්ම නීතියේ ආධිපත්‍යය යන සියලු ක්ෂේත්‍රවල සුවිශේෂී හැරයුමක් සනිටුහන් කළ වසරක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකාව අද වන විට ශක්තිමත් පදනම් ඇති ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනැගෙමින් ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
වත්මන් රජය රටේ ස්ථාවරය නිර්මාණය කරන්නේ බහුවිධ පැතිමානයන් ගණනාවක් ඔස්සේ බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ වැඩ නතර වුණු කඩවත - මීරිගම අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම මෙහිදී සිදු වූ අතර, කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500 වූ කොටසේ ඉදිකිරීම් ද මීට සමගාමීව අලුතින් ආරම්භ කෙරෙනවා. මෙම මීටර් 500ක මාර්ග කොටස මගින් මධ්‍යම අධිවේගී මාර්ගය, අධිවේගී මාර්ග ජාලයට සම්බන්ධ කෙරෙනවා. මෙම කොටසේ ඉදිකිරීම් සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන අටයි දශම හයයි නවයයි දෙකක්. ඒ සඳහා සම්පූර්ණයෙන් දේශීය අරමුදල් යොදා ගැනෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම අතර කොටසේ දුර කිලෝ මීටර් 37ක් වන අතර ඒ සඳහා සම්පූර්ණයෙන් වැය කෙරෙන මුදල රුපියල් බිලියන 229යි දශම පහයි තුනයි දෙකක්. ඒ සඳහා දේශීය අරමුදල් මෙන්ම චීන රජයේ සහන ණය මුදලක් යොදා ගැනෙනවා. 2028 වසරේ මැද භාගය වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතයි. ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ද එම උත්සවයේදී අදහස් දැක්වූවා.














