Published
නවතා තිබූ යතුරුපැදි සූක්ෂ්ම ලෙස සොරකම් කල සැකකරුවන් දෙදෙනෙකු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් සොරාකම් කළ යතුරු පැදියක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
වැල්ලවාය නගරය ආසන්නයේ වෙලදසැලක් අසල නවතා තිබූ සිය යතුරුපැදිය සොරකම් කර ඇති බවට එම යතුරු පැදියේ හිමිකරු විසින් වැල්ලවාය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරීන් සැකකැරවන් දෙදෙනා එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවටගත් සැකකරුවන් වැල්ලවාය සහ අනුරාධපුර ප්රදේශවල පදිංචිකරුවන් වනවා.
ඔවුන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.



