ස්කෝට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළළේදී රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංග සහ රිදී පදක්කමක් දිනාගත් පාලිත බණ්ඩාරට උපහාර පිරිනැමීමේ නිල උත්සවයට සමගාමීව සංවිධානය කෙරුණු විශේෂ රථ පෙළපාලිය අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, උදැසන 9.45 ට පමණ ටොරින්ටන් පරිශ්‍රයෙන්.

කොළඹ නගරය පුරා රථ පෙළපාලිය ගමන් කිරීමෙන් අනතුරුව ටොරින්ටන් පරිශ්‍රයට ළඟාවීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යාංශයේදී එම නිල උත්සවය ආරම්භ වුණා.

පදක්කම් දිනාගත් රුමේෂ් තරංග සහ පාලිත බණ්ඩාර ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියේ ඊයේ පස්වරුවේයි. එහිදී රුමේෂ් තරංග මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.