ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියරක් නියෝජනය කිරීමට සුදුසුකම් ලැබීමට 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ්ට අවස්ථාව හිමිව තිබෙනවා. එම සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික රියදුරා වන්නේද ඔහුයි. තම රටෙන් ශූරතාවලියට තරග කරන පළමු රියදුරු වීම ගැන තමන් ආඩම්බර වන බවත්, අවස්ථාව ලැබීම ගැන කෘතඥ වන බවත් ඔහු පවසා තිබෙනවා. යෙවාන් ඩේවිඩ් මේ වනවිට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරඟවදින අතර, එහිදී මේ දක්වා ලබාගෙන ඇති ජයග්‍රහණ ගණන හතරක්. එමෙන්ම 2024 දී යුරෝකප් 3, ස්පාඤ්ඤ ත්‍4 සහ ඹ්ෑ ත්‍4 ශූරතාවලි සඳහා ද තරඟවැදී තිබෙනවා. 2026 වාරය සඳහා ්ෂඞ රේසිං සමග අත්සන් කිරීමට ලැබීම හේතුවෙන් යොවාන්ට එලෙස ත්‍ෂ් ෆෝමියුලා 3 තරඟාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබෙනවා.