2026 නව වසර ක්‍රීඩා ක්ෂේත්රයද කාර්යබහුල වසරක් බවට පත් වී තිබෙනවා.
අයි සී සී විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් එළඹෙන පෙබරවාරි 07 වනදා සිට මාර්තු මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
කණ්ඩායම් 20ක් තරඟවැදීමට නියමිත එම තරඟාවලියට ඇතුළත් සමස්ත තරඟ ගණන 50ක්.
අයි සී සී කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය එංගලන්තය සහ වේල්සයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම වසරේ ජුනි මස 12 වනදා සිට ජුලි 05 වනදා දක්වා කාලය තුළයි.
කාන්තා කණ්ඩායම් 13ක් එහිදී තරඟවැදීමට නියමිත අතර සමස්ත තරඟ 33ක් එම තරඟාවලියට ඇතුළත් වනවා.
ලොව ජනප්‍රියතම ක්‍රීඩාව ලෙස සැලකෙන පාපන්දු ක්‍රීඩාවේ මහා මංගල්‍යය හෙවත් ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියද මෙම වසරේදී පැවැත්වෙනවා.
ඒ, එළඹෙන ජුනි 11වනදා සිට ජුලි 19 වනදා දක්වායි.
මෙවර එම තරඟාවලිය පැවැත්වෙන්නේ කැනඩාව මෙක්සිකෝව සහ එක්සත් ජනපදය යන රටවල සත්කාරකත්වයෙන්.
කණ්ඩායම් 48ක් මෙවර පාපන්දු කිරුළ වෙනුවෙන් තරඟවැදීමට නියමිතයි.


